දැන් අපේ මූලික නිර්‍මාණ සටහන් පත්‍රය ක්‍රියාත්මක වන බැවින් එය අපේ API වෙත සම්බන්ධ කරමු. අපි ටික වේලාවකට පසු S3 වෙත උඩුගත කරමු. AWS IAM භාවිතා කර අපේ APIs ආරක්‍ෂා කර ඇති අතර අපගේ සත්‍යාපන සපයන්නා වන්නේ Cognito User Pool. ස්තූතිවන්ත වන්නට, ලොග් වී ඇති පරිශීලක සැසිය භාවිතා කිරීමෙන් Amplify අප වෙනුවෙන් මෙය රැකබලා ගනී.

Change indicator පහත දැක්වෙන දේ src/containers/NewNote.js හි header ට එකතු කිරීමෙන් API මොඩියුලය ඇතුළත් කරමු.

import { API } from "aws-amplify";

Change indicator තවද අපගේ handleSubmit function ය පහත සඳහන් දෑ සමඟ ප්‍රතිස්ථාපනය කරන්න.

async function handleSubmit(event) {
  event.preventDefault();

  if (file.current && file.current.size > config.MAX_ATTACHMENT_SIZE) {
    alert(
      `Please pick a file smaller than ${
        config.MAX_ATTACHMENT_SIZE / 1000000
      } MB.`
    );
    return;
  }

  setIsLoading(true);

  try {
    await createNote({ content });
    nav("/");
  } catch (e) {
    onError(e);
    setIsLoading(false);
  }
}

function createNote(note) {
  return API.post("notes", "/notes", {
    body: note,
  });
}

මෙය සරල කරුණු කිහිපයක් කරයි.

  1. /notes වෙත POST request කිරීමෙන් සහ අපගේ note object පාස් වීමෙන් අපි ‘createNote’ හි අපගේ create call ලබා දෙන්නෙමු. API.post() method සඳහා වන පළමු arguments දෙක notes සහ/notes බව සලකන්න. එයට හේතුව නම් Configure AWS Amplify පරිච්ඡේදයේ අපි මෙම API කට්ටලය notes නමින් හැඳින්වූ බැවිනි.

  2. මේ වන විට note object සරලව note අන්තර්ගතයයි. අපි දැනට මෙම note නිර්මාණය කරන්නේ ඇමුණුමකින් තොරවය.

  3. අවසාන වශයෙන්, note සෑදීමෙන් පසු අපි අපේ homepage හරවා යවමු.

එපමණයි; ඔබ ඔබේ බ්‍රව්සරය වෙත මාරු වී ඔබේ පෝරමය ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ නම්, එය අපේ homepage සාර්ථකව යා යුතුය.

New note created screenshot

ඊළඟට අපි අපේ ගොනුව S3 වෙත උඩුගත කර අපේ note ට ඇමුණුමක් එකතු කරමු.